ගුරු පියස අධ්‍යාපන ආයතනය මගින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කරවීමට විශිෂ්ටතම ගුරු මණ්ඩලයක් සමඟින් සුදානම්. විෂය නිර්දේශය නිසි වේලාවට ආවරණය කරමින් විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවමු.
සිංහල මාධ්‍යය
මූලික සිද්ධාන්ත, කෙටි ක්‍රම සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ගණිතයට ඇති බිය නැති කරන ක්‍රමවත් වැඩපිළිවෙළක්.
සිංහල මාධ්‍යය
ප්‍රායෝගික පරීක්ෂණ සහ නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ විෂය කරුණු ඉතා සරලව හා පැහැදිලිව දරුවන්ට අවබෝධ කරවීම.
සිංහල මාධ්‍යය
ප්‍රායෝගික පරිගණක පුහුණුව සමඟින් තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශයේ සියලුම සිද්ධාන්ත සරලව ධාරණය කරවන පන්තිය.
English Medium
ව්‍යාකරණ සහ කථන හැකියාවන් දියුණු කරමින් දරුවා තුළ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පූර්ණ විශ්වාසයක් ඇති කිරීමේ වැඩසටහන.
ආත්මාරක්ෂාව සහ විනය
ශාරීරික යෝග්‍යතාවය, මානසික ඒකාග්‍රතාවය, ස්වයං විනය සහ ආත්මාරක්ෂාව උගන්වන නිල ජාතික කරාතේ පුහුණු මඟපෙන්වීම.
ඉතිහාසය, භූගෝල විද්‍යාව, සිංහල භාෂාව සහ සාහිත්‍යය ඇතුළු තවත් පන්ති රැසක් ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කෙරේ.
පාසල් ගුරුවරුන්, උපාධිධාරීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශ්වාසනීයම ගුරු මණ්ඩලය.
පාසල් විෂය නිර්දේශයේ සියලුම කරුණු ආවරණය වන පරිදි පාඩම් සකස් කර ඇති අතර, සිසුන්ට විෂය කරුණු සරලව හා පැහැදිලිව අවබෝධ කරවමින්, ඔවුන්ගේ අධ්‍යාපන ගමන සාර්ථක කර ගැනීමට මග පෙන්වයි.
සෑම දරුවෙකුගේම දුර්වලතා හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීමට මඟපෙන්වීම.
සෑම විෂය ඒකකයකටම අදාළව නවතම තොරතුරු ඇතුළත්, පහසුවෙන් පාඩම් මතක තබාගත හැකි පරිදි සකසන ලද නිබන්ධන.
මාසික පරීක්ෂණ සහ වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මඟින් විභාග බිය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම.
වායූ සමනය කරන ලද, පිරිසිදු, ඉඩකඩ ඇති සහ දරුවාට බාධාවකින් තොරව අධ්‍යාපනය හැදෑරීමට සුදුසු මනරම් පන්ති කාමර වටපිටාව.
පන්ති ආරම්භය, වේලාවන් සහ ගාස්තු පිළිබඳ විස්තර දැනගැනීමට පහත දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න.